AGENTIC AUTOMATION

AI ලොක්කෙක් යටතේ වැඩ කරන්න ඔබ ලෑස්තිද? "Carbon Endpoint" එකක ඇත්ත කතාව.

M
ලියන්නේ මහී (Mahee)
2026 පෙබරවාරි 04 • 7 min read

ඔයාලා හිතාගෙන හිටියේ AI ඇවිත් අපේ රස්සා ටික "සූප්පු" කරයි කියලා නේද? ඒක ඇත්ත, හැබැයි සම්පූර්ණ ඇත්ත නෙවෙයි. මම මේ දවස්වල දකින දේ හැටියට නම් වෙන්න යන්නේ ලොකු Reshaping එකක්. සරලවම කිව්වොත්, මීට පස්සේ ඔයාගේ ලොක්කා මනුස්සයෙක් නෙවෙයි, AI Agent කෙනෙක් වෙන්න පුළුවන්.

මේක ටිකක් "Cyberpunk" චිත්‍රපටියක් වගේ නේද? හැබැයි මේක දැන් හීනයක් නෙවෙයි. RentAHuman.ai වගේ ප්ලැට්ෆෝම් දිහා බැලුවම පේනවා වැඩේ පටන් අරන් ඉවරයි කියලා.

1. "අපිට කෙළ වෙයිද?" – ඇත්තම අනතුර

අපි බොරු කියන්න ඕනේ නැහැනේ, Routine වැඩ (Data entry, coding, basic logistics) කරන අයට නම් මේක ලොකු තර්ජනයක්. 2030 වෙනකොට රස්සා මිලියන 300ක් විතර වෙනස් වෙයි කියලා මැකින්සි (McKinsey) වාර්තා කියනවා.

  • ඩිජිටල් දාසකම: AI ලොක්කෙක් 24/7 ඔයාට ටාස්ක් දෙන්න ගත්තොත්?
  • Skill Atrophy: හැමදේම AI එකෙන් කරනකොට අපේ මොළේ පාවිච්චි කරන එක නතර වෙලා, අන්තිමට අපි "හිතන්න බැරි" මැෂින් කොටසක් විතරක් වෙයිද?

2. "Touch Grass" – අපිට තියෙන ලොකුම අවස්ථාව

මෙන්න මෙතැනදී තමයි අපි ගේම ගහන්න ඕනේ. AI එක කොච්චර වැඩ්ඩා වුණත් ඌට "ඇඟක්" නැහැ. ඌට කොළඹ පාරක බැහැලා, තැනකට ගිහින්, ඇස් දෙකෙන් බලලා දෙයක් Confirm කරන්න බැහැ. ඌට "Grass touch" කරන්න බැහැ!

අංශය අපිට ඇති අවස්ථාව
Physical Verification ඉඩම්, නිවාස සහ ඉවෙන්ට් පරීක්ෂා කර සත්‍යතාව තහවුරු කිරීම.
Ground-Truth AI එකට දත්ත වලින් පෙනෙන දේ ඇත්තටම පොළොවේ තියෙනවද කියා බැලීම.
Global Gigs ලංකාවේ ඉඳන් ඩොලර්/Crypto වලින් ගෝලීය ඒජන්ට්ලාට සේවය සැපයීම.

මගේ ටිප් එක (Bottom Line)

බය වෙලා වැඩක් නැහැ. AI ලොක්කා එන්න කලින් ඒ ලොක්කව පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න. ඔයාගේ Profile එක Reliability සහ Proof මත හදාගන්න. AI එකට බොරු කරන්න බැහැ, හැබැයි AI එකට වැරදෙන්න පුළුවන්. ඒ වැරැද්ද අල්ලලා දෙන Human Validator කෙනෙක් වෙන්න.

අනාගතය කියන්නේ "AI vs Human" නෙවෙයි, "AI + Human" ගේමක්. මම නම් ඒකට ලෑස්තියි. ඔයාලා?